Posts

Showing posts from 2018
Image
What is Merchi-AI Robot? , It’s the humanoid robot program initiated by Department of Electrical and Information Engineering (DEIE), Faculty of Engineering, University of Ruhuna, In view of promoting robotics and agent technology worldwide. The project carries on under the supervision of Mr. Eranda Jayathunga, the head of the Agents and Robotics lab of Faculty of Engineering University of Ruhuna and currently working as senior lecturer attached to DEIE, Mr. Gaveen Ranabahu le ads the team of 20 undergraduate students from DEIE and DMME (Department of Mechanical and Manufacturing Engineering ) having a common passion for the field of robotics. Team Merchi will put its efforts to build a robot having a human- like appearance with artificial intelligence voice recognition and facial recognition, overcoming the difficulties of building an effective system to automatically detect humans with the normal cameras available on the robot and applying computer vision ,designing graphical user in...

සාක්කු පරිඝනකය Raspberry pi

Image
Raspberry pi කියන්නෙත් Arduino board එකෙන් වගේම වැඩ ගන්න පුළුවන් දෙයක් හැබැයි මේ උපාංග දෙකෙ වෙනස්කම් බොහොමයක් තියෙනවා . Raspberry pi ලොකෙට හදුන්වා දෙන්නෙ ඍජුව ම පරිඝනක ක්ෂෙත්‍රයෙ මෘදුකාංග හා දෘඪාංග පිළිබදව ආදුනිකයන්ට දැනුම ලබා ගැනීමටයි. සාමාන්‍ය පරිඝනක හා සසඳලා බලද්දි මේ පරිඝනකය ඉතාමත් කුඩයි එ වගේ ම ලාභදායී. මේ හෙතුන් නිසා ප්‍රායෝගිකව පරිඝනක විද්‍යාව අත්හදා බැලීමට මෙය කියාපු උපාංගයක් වෙනවා. මේ ලිපියෙන් , Raspberry pi ඇතුලේ තියෙන දේවල් සහ භාවිතා කරන ආකාරය පිළිබඳ දළ අදහසක් පාඨක ඔබට ගන්න පුළුවන් වෙයි. මෙය සාක්කුවේ ගෙන යා හැකි කුඩා පරිඝනකයක් කිව්වට වැරද්දක් නෑ. මොකද ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තරම් කුඩා මේ උපාංගය තුළ processor එකක් RAM එකක් Memory එකක් සහ සාමාන්‍ය පරිඝනකයක එන බෙහෙවින් අවශ්‍ය කරන Port සියල්ලම අඩංගු වී පවතියි ( USB ,E thernet,HDMI ). ඉතින් මේ Ports හරහා   Mouse එකක් Keyboard එකක් ඒ වගේම Monitor එකක් සම්බන්ධ කර ගත්තාම අංග සම්පුර්ණ පරිඝනක‍යක් ලෙස මෙය භාවිතා කරන්න පුළුවන් . Arduino board එකෙ වගේම මෙකෙත් Pin වර්ගයක් තියෙනවා GPIO pins කියලා ඉතින් මේ pins පාවිච්චි...

මොනවද මේ Arduino board කියන්නෙ?

Image
Arduino UNO board. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දියුණු වෙමින් යද්දි විද්‍යාඥයින්ට තේරෙන්න පටන් ගත්තා දැනුම සොයාගන්නවා මෙන්ම දැනුම පාවිච්චි කරන එකත් වැදගත් කියලා. මුල් කාලයේ දී ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරලා, අලුත් විදියකට කල්පනා කරලා, ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක ආධුනිකයන් හට ලෙසි දෙයක් උනේ නෑ. ඒ වගේම Programming දැනුම භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් වැඩක් ගන්නවා කියන එකත් පහසු උනේ නෑ. මේ ගැටලු වලට විසඳුම් සපයමින් නැවත නැවත සැකසුම් වෙනස් කරමින් විවිධ පරිපථ වර්ග අත් හදා බැලිය හැකි ලෙස micro-controller පරිපත පුවරු ලෝකයට එළි දැක් වෙනවා. Arduino board කියන්නෙත් අන්න ඒ විදියට ලෝකයා අතරට පැමිණුන ඉතාමත් වැදගත් පුවරුවක්. Arduino පුවරු මිලෙන් අඩු වීම සහ හැසිරවීමට ඇති පහසුව නිසාත් ඉතාමත් ඉක්මනින් ලෝක ඉලෙක්ට්‍රොනික් ප්‍රජාව අතර ඉතා ජනප්‍රියත්වයක් ඉසිලිය හැකි උනා. සරළවම Arduino board එකකින් වෙන්නෙ අදාළ Inputs ලැබුණු පසු අප දී ඇති පරිදි Outputs ලබා දීමයි. මෙය නිවැරදිව , නිර්මාණාත්මකව යොදා ගැනීමෙන් ප්‍රයොජනවත් යමක් සාදා නිම කළ හැකි වේ. Arduino board භාවිතා කර ව්‍යාපෘ...

Electrical and electronic Basics sinhalen part 1: Resistor

Image

Programming කරනවා කියන්නෙ මොකක්ද?

Image
රොබොලා කියන්නෙ නිකන්ම නිකං යන්ත්‍ර වගයක් නෙමෙ කියලා අපි කලින් ලිපියෙන් සාකච්චා කලානෙ. ඒවාට අමතරව රොබොලට පුලුවන් ඔවුන්ට නියමිත කාර්යය එකම ආකාරයෙන් නැවත නැවත සිදු කරන්න. මෙයත් ඔවුන් සතු සුවිශේෂී හැකියාවක් ලෙස හදුන්වන්න පුලුවනි. මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ ඔවුන්ට එලෙස ක්‍රියා කිරිමට හැකියාව ලබදෙන ක්‍රමලේඛනය හෙවත්  Programming ගැනයි. Programming කරනවා කියන එකෙ අදහස තෙරුම් ගන්න අපි පොඩි උදාහරණයක් බලමු. හිතන්න අපි පොඩි ළමයෙකුට කියනව පාසල් කාල වෙලාව නිම වු බව දන්වන සීනු නාදයෙන් පසුව පාසලෙන් ඉවතට පැමිණ අදාළ බස් රථයට නගින ලෙස. ඉන් පසු ඔහු එසේ කීරීමට බැදී සිටියි. මෙතන දී මොකක්ද උනෙ අපි ළමයාට විධානයක් දුන්නා අදල තත්ව යටතේ දී මෙලෙස ක්‍රියා කරන්න කියලා. මෙලෙස රොබොවක් තුල හෝ අදාළ යන්ත්‍රයක් තුළ ඇති මතකයට ඔබ්බවන එක තමා Programming කියන්නෙ. යමෙකුට පෙනෙන්න පුලුවන් එය එසෙ වෙන්න තිබුනා රොබොවකට හෝ අදාළ යන්ත්‍රයකට මිනිසා භාවිතා කරන භාෂාවක් තෙරුම් ගෙන ක්‍රියා කිරීමට හැකියාවක් තිබුනානන් (මේ තත්වයට රොබොවරු දියුනු කිරීමට වත්මන් ඉන්ජිනෙරුවන් මෙන්ම විද්‍යඥයින් විශාල පරිශ්‍රමයක් දරමින් සිට...

ඇරඹුම...

Image
රොබොටික්ස් කියන්නෙ ඉන්ජිනෙරු ක්ෂෙත්‍රයෙ සහ විද්‍යාවෙ තවත් එක ශාඛාවක්. ප්‍රධාන වශයෙන් රොබොවක් තුල යාන්ත්‍රික ඉන්ජිනෙරු විද්‍යාව විද්‍යුත් හා විදුලි ඉන්ජිනෙරු විද්‍යාව සහ පරිඝනක විද්‍යාව දැක ගත හැකි වන අතර රොබොවකින් කර ගැනීමට නියමිත කාර්යයට අනුව තවත් විවිධ ක්ෂෙත්‍ර වල දැනුම රොබොවක් නිර්මානය කර ගැනීම සඳහා නිර්මානකරුවන් උපයොගී කරගනි (මෙම කරුණු පිලිබදව විස්තරාත්මක තොරතුරු ගෙන ඒ මට බලාපොරොත්තු වන්නෙමු ).   මුල් කාලයෙදි රොබවක් ලෙස හදුන්වා දෙන ලද්දෙ කිසියම් විධානයකට අනුව කිසියම් කාර්යයක් කිරීමට හැකි වු පිරිසකටය එහෙත් තාක්ෂණයෙ දියුනුවත් සමඟ ම මෙම කියමන වෙනස් වී ඇත. අද වන විට රොබො තාක්ෂනය මිනිසාගෙ කාලය ඉතිරි කරදීමට වග බලා ගනිමින් සිටින අතර රොබොවක් තුල ඇති නිරවද්‍ය වුත් අතිෂය වෙගවත් වුත් ගනනය කිරීමේ හැකියාව මේ සඳහා ප්‍රධාන වී ඇත. ගනනය කිරීමේ වේගය තවදුරටත් දියුනු කිරීමට ලොව පුරා ඉන්ජිනෙරුවන් සහ විද්‍යාඥයින් තව දුරටත් පරීක්ෂණ කරමින් සිටී. මෙහිදි පුර්ණ ගෞරවය විද්‍යුත් ක්ෂත්‍රයෙ හා පරිඝනක ක්ෂෙත්‍රයෙ ඉන්ජිනෙරුවන් සහ විද්‍යාඥයින් සතු වේ. රොබොවක් ඔනෑම තත්වයක් දී ඔනෑම විශේෂිත වු කර්තව්...