සාක්කු පරිඝනකය Raspberry pi
Raspberry pi කියන්නෙත් Arduino board එකෙන් වගේම වැඩ ගන්න පුළුවන් දෙයක් හැබැයි මේ
උපාංග දෙකෙ වෙනස්කම් බොහොමයක් තියෙනවා. Raspberry pi ලොකෙට හදුන්වා දෙන්නෙ ඍජුව ම පරිඝනක
ක්ෂෙත්‍රයෙ මෘදුකාංග හා දෘඪාංග පිළිබදව ආදුනිකයන්ට දැනුම ලබා ගැනීමටයි. සාමාන්‍ය
පරිඝනක හා සසඳලා බලද්දි මේ පරිඝනකය ඉතාමත් කුඩයි එ වගේ ම ලාභදායී. මේ හෙතුන් නිසා
ප්‍රායෝගිකව පරිඝනක විද්‍යාව අත්හදා බැලීමට මෙය කියාපු උපාංගයක් වෙනවා. මේ
ලිපියෙන්, Raspberry pi ඇතුලේ තියෙන දේවල් සහ භාවිතා කරන ආකාරය
පිළිබඳ දළ අදහසක් පාඨක ඔබට ගන්න පුළුවන් වෙයි.
මෙය සාක්කුවේ ගෙන යා හැකි කුඩා
පරිඝනකයක් කිව්වට වැරද්දක් නෑ. මොකද ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තරම් කුඩා මේ උපාංගය
තුළ processor එකක් RAM එකක් Memory එකක් සහ සාමාන්‍ය පරිඝනකයක එන බෙහෙවින් අවශ්‍ය කරන Port සියල්ලම අඩංගු වී පවතියි (USB ,Ethernet,HDMI). ඉතින් මේ Ports හරහා Mouse
එකක් Keyboard එකක් ඒ වගේම Monitor එකක් සම්බන්ධ කර ගත්තාම අංග සම්පුර්ණ
පරිඝනකයක් ලෙස මෙය භාවිතා කරන්න පුළුවන්. Arduino
board එකෙ වගේම මෙකෙත් Pin වර්ගයක් තියෙනවා GPIO
pins කියලා ඉතින් මේ pins පාවිච්චි කරලා අපි කරන ඉලෙක්ට්‍රොනික් නිර්මාණ වලට අවශ්‍ය Inputs,outpus ගන්න සහ දෙන්න පුළුවන්. තවද අපට අවශ්‍ය ක්‍රමලේඛන
වැඩසටහන අපිට Raspberry
pi එක හරහාම නිර්මාණය කර ක්‍රියාත්මක කරන්නත් පුළුවන්.
Raspberry
pi Foundation එක විසින් Raspbian කියන මෙහෙයුම් පද්ධතිය මෙය භාවිතා කිරීම සදහාම නොමිලේ ම ලබා දෙන අතර Ubuntu,Windos 10 IOT core, Risc Os වගෙ තෙවන පාර්ශවයේ OS උනත් මෙය සදහා භාවිතා කිරීමේ හැකියාව පවතියි. තවද Pythan,Scratch ප්‍රධානව තවත් Programming languages
කිහිපයකින්ම Raspberry
pi තුළ code කළ හැකිය.
අලුතින්ම ආපු Raspberry pi 3 model B+ පිළිබඳ තොරතුරු කිහිපයක් ;
Release
date : 14 March 2018
Introductory
price : 38.00 USD
CPU: 1.4
GHz 64/32-bit quad-core ARM Cortex-A53
Memory: 1 GB LPDDR2 RAM at 900 MHz[2]
Storage: MicroSDHC slot
Graphics: Broadcom VideoCore IV 300 MHz/400 MHz
Power: 1.5 W (average when idle) to 6.7 W (maximum under
stress)[3]
වැඩිදුර මේ පිළිබඳ අධ්‍යන්‍යය කිරීම
සඳහා https://www.r aspberrypi.org/ තුළින් ඔවුන්ගේ වෙබ් අඩවියටම පිවිසෙන්න.
Comments
Post a Comment