මොනවද මේ Arduino board කියන්නෙ?
![]() |
| Arduino UNO board. |
ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දියුණු වෙමින් යද්දි විද්‍යාඥයින්ට තේරෙන්න පටන් ගත්තා දැනුම සොයාගන්නවා මෙන්ම දැනුම පාවිච්චි කරන එකත් වැදගත් කියලා. මුල් කාලයේ දී ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කරලා, අලුත් විදියකට කල්පනා කරලා, ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක ආධුනිකයන් හට ලෙසි දෙයක් උනේ නෑ. ඒ වගේම Programming දැනුම භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික් උපාංග වලින් වැඩක් ගන්නවා කියන එකත් පහසු උනේ නෑ. මේ ගැටලු වලට විසඳුම් සපයමින් නැවත නැවත සැකසුම් වෙනස් කරමින් විවිධ පරිපථ වර්ග අත් හදා බැලිය හැකි ලෙස micro-controller පරිපත පුවරු ලෝකයට එළි දැක් වෙනවා. Arduino board කියන්නෙත් අන්න ඒ විදියට ලෝකයා අතරට පැමිණුන ඉතාමත් වැදගත් පුවරුවක්. Arduino පුවරු මිලෙන් අඩු වීම සහ හැසිරවීමට ඇති පහසුව නිසාත් ඉතාමත් ඉක්මනින් ලෝක ඉලෙක්ට්‍රොනික් ප්‍රජාව අතර ඉතා ජනප්‍රියත්වයක් ඉසිලිය හැකි උනා.
සරළවම Arduino board එකකින් වෙන්නෙ අදාළ Inputs ලැබුණු පසු අප දී ඇති පරිදි Outputs ලබා දීමයි. මෙය නිවැරදිව , නිර්මාණාත්මකව යොදා ගැනීමෙන් ප්‍රයොජනවත් යමක් සාදා නිම කළ හැකි වේ. Arduino board භාවිතා කර ව්‍යාපෘතියක් ගොඩ නැගීමේ දී ප්‍රධාන වශෙයෙන් දෙපැත්තක් ගැන සළකා බැලිය යුතු වේ. එනම්, Hardware part එක සහ Software part එක. Hardware part එකෙ දී පරිපතය අදාළ විදියට Arduino board එක සමඟ ගොඩ නැගීම සිදු කළ යුතු වේ. Software part එකේ දී අප විසින් අදාළ programme එකේ code එක පරිඝණකය ආධාරයෙන් ලියා Arduino board එකට upload කල යුතු වෙයි. මෙහි දී Arduino සමාගම විසින් සපයා ඇති Arduino මෘදුකාංගය භාවිත කල හැකි අතර එය ඔවුන්ගෙ වෙබ් අඩවියෙන් නොමිලෙ ලබා ගත හැකි වේ. ඔවුන් Arduino programming language එක නිමවා ඇත්තේ C/C++ භාෂා ඇසුරෙන් නිසා code කිරීමද ඉතා පහසු වේ. ඉතින් Hardware සහ Software යන අංශ දෙකම 100%ක් නිවැරදිව නිම කිරීමෙන් අදාළ නිර්මාණයකින් අපෙක්ෂිත ප්‍රතිඵලය දැක ගත හැකිය.
Arduino board සමඟ ව්‍යාපෘති කිරීමෙන් ආධුනිකයෙකු හට ඉලෙක්ට්‍රොනික් සහ ප්‍රොග්‍රැමින් පිළිබඳ සෛද්ධානිතික දැනුම මෙන්ම ප්‍රයොගික දැනුමද වර්ධන්ය කර ගත හැකි වේ.ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්‍රයෙ රසවත් බවද අත් විදිය හැකි බවද නොඅනුමානයි. පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුල නව නිර්මාණ රැසකට දොරටු විවෘත කිරීමක්, ඔවුන් අතර Arduino ප්‍රචලිත කිරීමෙන් බලාපොරොත්තු විය හැකිය. තවද රොබොටික් තාක්ෂණයෙ ඉදිරි ගමන් මග සදහා ඕනෑම අයෙකුට Arduino සමග පළමු පියවර තැබිය හැකි වේ.
වර්තමානයෙදි වෙළදපොළෙහි Arduino පුවරු වර්ග කිහිපයක් දැක ගත හැකි අතර Arduino mega, Arduino nano. Arduino nano pro සහ ආධුනිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය Arduino UNO පුවරුව නිදසුන් ලෙස දැක් විය හැක. Arduino ගැන ඉගෙන ගන්න ආස අයට පහත සදහන් youtube channel සමඟ එකතු වීමෙන් Arduino ගැන ඉතා හොද ප්‍රායෝගික දැනුමක් ලබා ගත හැකි බවට සහතික විය හැක.
https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA
https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA
https://www.youtube.com/channel/UCa2lHajCato5iXUZ3WPE4Tw
මේ Arduino ගැන ඉතාමත් සංක්ෂිප්ත ලිපියක් පමණි. මීට වඩා ගැඹුරු කරුණු අධ්‍යනය කිරිම ඔබ විසින් කල යුතු වේ. ඊලඟ ලිපියෙන් හමුවෙමු.

Comments
Post a Comment