ඇරඹුම...


රොබොටික්ස් කියන්නෙ ඉන්ජිනෙරු ක්ෂෙත්‍රයෙ සහ විද්‍යාවෙ තවත් එක ශාඛාවක්. ප්‍රධාන වශයෙන් රොබොවක් තුල යාන්ත්‍රික ඉන්ජිනෙරු විද්‍යාව විද්‍යුත් හා විදුලි ඉන්ජිනෙරු විද්‍යාව සහ පරිඝනක විද්‍යාව දැක ගත හැකි වන අතර රොබොවකින් කර ගැනීමට නියමිත කාර්යයට අනුව තවත් විවිධ ක්ෂෙත්‍ර වල දැනුම රොබොවක් නිර්මානය කර ගැනීම සඳහා නිර්මානකරුවන් උපයොගී කරගනි (මෙම කරුණු පිලිබදව විස්තරාත්මක තොරතුරු ගෙන ඒ මට බලාපොරොත්තු වන්නෙමු). 

මුල් කාලයෙදි රොබවක් ලෙස හදුන්වා දෙන ලද්දෙ කිසියම් විධානයකට අනුව කිසියම් කාර්යයක් කිරීමට හැකි වු පිරිසකටය එහෙත් තාක්ෂණයෙ දියුනුවත් සමඟ ම මෙම කියමන වෙනස් වී ඇත.අද වන විට රොබො තාක්ෂනය මිනිසාගෙ කාලය ඉතිරි කරදීමට වග බලා ගනිමින් සිටින අතර රොබොවක් තුල ඇති නිරවද්‍ය වුත් අතිෂය වෙගවත් වුත් ගනනය කිරීමේ හැකියාව මේ සඳහා ප්‍රධාන වී ඇත. ගනනය කිරීමේ වේගය තවදුරටත් දියුනු කිරීමට ලොව පුරා ඉන්ජිනෙරුවන් සහ විද්‍යාඥයින් තව දුරටත් පරීක්ෂණ කරමින් සිටී. මෙහිදි පුර්ණ ගෞරවය විද්‍යුත් ක්ෂත්‍රයෙ හා පරිඝනක ක්ෂෙත්‍රයෙ ඉන්ජිනෙරුවන් සහ විද්‍යාඥයින් සතු වේ.

රොබොවක් ඔනෑම තත්වයක් දී ඔනෑම විශේෂිත වු කර්තව්‍යක් හො කිහිපයක් සඳහා නිර්මානය කල හැක(වත්මන් තාක්ෂණික පසුබිම අනුව මෙය සීමා වේ). අද වන විට රොබො සාමාජිකයින් මිනිසුන්ට ලඟා විය නොහැකි තැන් වලත් කාර්යයන් වල නි‍යැලී සිටියි. අධික විකිරණශීලී පරිසර තුල ඇති දත්ත ලබා ගැනීම, අභ්‍යවකාශය තුල දී දත්ත ලබා ගැනීම සහ අදාල යානා අනපෙක්ෂිත තත්ව යටතේ පාලනය කිරිම වැනි දෙ ඉහත ප්‍රකාශයට නිදසුන් වෙ.

රොබො තාක්ෂණයෙ වත්මන් ප්‍රවණතාවය ලෙස රොබොවන් මිනිසුන් ලෙසම නිර්මානය කිරීමට ප්‍රයත්න දරන බව දැක ගත හැකිය. ලෝක ප්‍රසිද්ධ සොෆියා රොබොව කදිම උදාහරණයකි. විවිධ රොබොවරු හට මිනිසා ලෙසම ඇවීදීමට, කිසියම් බරක් ඉසීලීමට,කතා කිරීමට හා හදුනා ගැනීමට හැකි වන ආකාරයෙන් ඔවුන් නිපද වීම සිදු වේ. මේ ඔස්සෙ ඉදිරියට යැමෙන් ඉතාමත් කම්මැලි රස්සා වලට නොබො දිනකින් මිනිසුන්ට සමු දිය හැකි වනු ඇත.

මේ වන විට රොබො තාක්ෂනය වේගයෙන් දියුනු වෙමින් සහ ව්‍යාප්ත වෙමින් පවතී. මෙය ශ්‍රී ලාංකික අප හට කදිම අවස්තාවකි. ආශාව තිබෙ නම් මේ ක්ෂත්‍රයෙ ප්‍රවීනයකු වීමට වයස බලපාන්නෙ ද නැත. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් මිදී නව මුහුනු වරකින් යුතුව ලෝකයට පා තබන්නට රොබො තාක්ෂනය ඉතාමත් හොඳ ක්ෂෙත්‍රයක් වනු ඇත.

ඉදිරියෙදී පහත මතෘකාවලට අදාළව ලිපි ගෙන ඒමට බලා බොරොත්තු වෙමි.

·        Arduino, Raspberry pi Platforms.
·        Programming.
·        Image processing.
·        Bionic organs.
·        Nano robotics.
·        Ros.
·        Artificial intelligent  etc.


Comments

Popular posts from this blog

මොනවද මේ Arduino board කියන්නෙ?