Programming කරනවා කියන්නෙ මොකක්ද?

රොබොලා කියන්නෙ නිකන්ම නිකං යන්ත්‍ර වගයක් නෙමෙ කියලා අපි කලින් ලිපියෙන් සාකච්චා කලානෙ. ඒවාට අමතරව රොබොලට පුලුවන් ඔවුන්ට නියමිත කාර්යය එකම ආකාරයෙන් නැවත නැවත සිදු කරන්න. මෙයත් ඔවුන් සතු සුවිශේෂී හැකියාවක් ලෙස හදුන්වන්න පුලුවනි.

මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ ඔවුන්ට එලෙස ක්‍රියා කිරිමට හැකියාව ලබදෙන ක්‍රමලේඛනය හෙවත්  Programming ගැනයි. Programming කරනවා කියන එකෙ අදහස තෙරුම් ගන්න අපි පොඩි උදාහරණයක් බලමු. හිතන්න අපි පොඩි ළමයෙකුට කියනව පාසල් කාල වෙලාව නිම වු බව දන්වන සීනු නාදයෙන් පසුව පාසලෙන් ඉවතට පැමිණ අදාළ බස් රථයට නගින ලෙස. ඉන් පසු ඔහු එසේ කීරීමට බැදී සිටියි. මෙතන දී මොකක්ද උනෙ අපි ළමයාට විධානයක් දුන්නා අදල තත්ව යටතේ දී මෙලෙස ක්‍රියා කරන්න කියලා. මෙලෙස රොබොවක් තුල හෝ අදාළ යන්ත්‍රයක් තුළ ඇති මතකයට ඔබ්බවන එක තමා Programming කියන්නෙ.

යමෙකුට පෙනෙන්න පුලුවන් එය එසෙ වෙන්න තිබුනා රොබොවකට හෝ අදාළ යන්ත්‍රයකට මිනිසා භාවිතා කරන භාෂාවක් තෙරුම් ගෙන ක්‍රියා කිරීමට හැකියාවක් තිබුනානන් (මේ තත්වයට රොබොවරු දියුනු කිරීමට වත්මන් ඉන්ජිනෙරුවන් මෙන්ම විද්‍යඥයින් විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි. මෙ පිලිබ්ඳ සවිස්තරාත්මක කරුණු ඉදිරියෙ දි ගෙන එමට බලා පොරොත්තු වන්නෙමු.). නමුත් රොබොවරුන්ගෙ හෝ අදාළ යන්ත්‍ර වල හොඩියෙ ඇත්තෙ වොල්ටීයතා අගයන් දෙකකි (0V හා 5V). එය අපට 0 හා 1 ලෙස නිරුපණය කර ගැනීම තුලින් යම්තාක් දුරකට ඔවුන්ගෙ භෂාව තෙරුම් ගැනීමට පුලුවනි (ඇත්තෙන්ම මෙය මිනිසා විසින් නිර්මාන්ය කරන ලද යන්ත්‍රවලට භාවිතා කල හැකි භෂාවක් ලෙස හැදින්විය හැකිය.). එහෙත් අපට අවශ්‍ය විධානය දීමට සහ රොබවට අදාළ තත්ව 0 සහ 1 න් පෙන්වා දීමට විශාල වෙහෙසක් වැය කල යුතු අතර ඒ සඳහා විශාල කාලයක්ද ගත කල යුතුවේ. 

මේ දේ සරළ කරන්න තමයි මෘදුකාංග ඉන්ජිනෙරුවන් විසින් මහත් පරිශ්‍රමයක් යොදවලා ක්‍රමලේඛන භාෂාවන් (Programming languages) අපිට දායාද කරලා තියෙන්නෙ.  C,C++,C#,JAVA සහ Python ජනප්‍රිය ක්‍රමලෙඛන භාෂාවන්ට උදාහරණ ලෙස දක්වන්න පුලුවන්. ක්‍රමලේඛ භාෂාවක් තුලින් පරිශිලකයා හට ඔහුට සමීප භාෂාවක් යොදා ගනිමින් අදාළ විධානය ලබාදිය හැකි වේ.රොබො යන්ත්‍රයට අවශ්‍ය 1,0 භාෂාවට, අදාළ විධානය පරිවර්තනය කිරිමේ කාර්යය ක්‍රමලෙඛ භාෂාවේ පරිවර්තකයා සතු වේ. ක්‍රමලෙඛ භාෂා නිරන්තරයෙන් වැඩි දියුණු වෙමින් පවතියි, මෙය හුදෙක්ම රොබො තාක්ෂණය සඳහාම පමනක් නොවේ. එදිනෙදා වැඩ කටයුතු පරිඝනක ආශ්‍රයෙන් පිලිවෙලට කාර්යක්ෂමව කර ගැනීම සඳහා මෘදුකාංග නිපදවෙන්නෙ ද ක්‍රමලෙඛ භාෂා (Programming languages)  මගිනි.

Raspberry Pi and Arduino uno board
වර්තමානයෙදි ක්‍රමලෙඛ භාෂාවන් පිලිබඳ හසළ දැනුමක් ඇති අයකු සඳහා ඉහල වාණිජමය වටිනාකමක් සහිත ඉල්ලුමක් පවතියි. මීට අමතරව මේ පිලිබඳ සැලකිය යුතු දැනිමක් ඇති අයකුට Arduino , Raspberry pi වැනි පුවරු භාවිතා කරමින් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයද යොදාගෙන පහසුවෙන් නව නිර්මාණ කිරීමට පුලුවන.එලෙස නිර්මානය කල හැකි ව්‍යාපෘතියක් සඳහා නිදසුනක් ලෙස පසෙහි තෙතමනය පරික්ෂා කොට පස තෙතමනය අඩුනම් නැතොහොත් වියලිනම් කරාම්යක් විවෘත කර අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට පරිපතයක් නිර්මාණය කිරීමක් පෙන්වා දිය හැකිය.
Software Engineering නම් වු ක්ෂත්‍රය ඉතාමත් සීඝ්‍රයෙන් යාවත්කාලීන වන බැවින් මෙම ක්ෂෙත්‍රයෙ  රැදී සිටීමට සැම විටම ‍යාවත්කාලීන වීමේ හැකියාව තිබිය යුතුයි.

Facebook නිර්මාතෘ Mark Zukerberg ද, Microsoft ආයතනයේ ප්‍රධානී Bill Gates ද, ලොව 21 වන සියවසේ නවතම පෙරළියක් ඇති කිරීමට සමත් වු TESLA Electric motors, SpaceX ඇතුළු ආයතන රැසක ප්‍රධාන විධායක නිලධාරියා වන Elon Musk ද පොදුවෙ ගත් කළ ඔවුන්ගෙ ගමන් මගෙ හි ආරම්භය ගෙන ඇත්තෙ මෘදුකාංග ඉන්ජිනේරුවන් ලෙසිනි.


Elon Musk          Bill Gates          Mark Zukerberg

Comments

Popular posts from this blog

ඇරඹුම...

මොනවද මේ Arduino board කියන්නෙ?