සාක්කු පරිඝනකය Raspberry pi
Raspberry pi කියන්නෙත් Arduino board එකෙන් වගේම වැඩ ගන්න පුළුවන් දෙයක් හැබැයි මේ උපාංග දෙකෙ වෙනස්කම් බොහොමයක් තියෙනවා . Raspberry pi ලොකෙට හදුන්වා දෙන්නෙ ඍජුව ම පරිඝනක ක්ෂෙත්‍රයෙ මෘදුකාංග හා දෘඪාංග පිළිබදව ආදුනිකයන්ට දැනුම ලබා ගැනීමටයි. සාමාන්‍ය පරිඝනක හා සසඳලා බලද්දි මේ පරිඝනකය ඉතාමත් කුඩයි එ වගේ ම ලාභදායී. මේ හෙතුන් නිසා ප්‍රායෝගිකව පරිඝනක විද්‍යාව අත්හදා බැලීමට මෙය කියාපු උපාංගයක් වෙනවා. මේ ලිපියෙන් , Raspberry pi ඇතුලේ තියෙන දේවල් සහ භාවිතා කරන ආකාරය පිළිබඳ දළ අදහසක් පාඨක ඔබට ගන්න පුළුවන් වෙයි. මෙය සාක්කුවේ ගෙන යා හැකි කුඩා පරිඝනකයක් කිව්වට වැරද්දක් නෑ. මොකද ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තරම් කුඩා මේ උපාංගය තුළ processor එකක් RAM එකක් Memory එකක් සහ සාමාන්‍ය පරිඝනකයක එන බෙහෙවින් අවශ්‍ය කරන Port සියල්ලම අඩංගු වී පවතියි ( USB ,E thernet,HDMI ). ඉතින් මේ Ports හරහා Mouse එකක් Keyboard එකක් ඒ වගේම Monitor එකක් සම්බන්ධ කර ගත්තාම අංග සම්පුර්ණ පරිඝනකයක් ලෙස මෙය භාවිතා කරන්න පුළුවන් . Arduino board එකෙ වගේම මෙකෙත් Pin වර්ගයක් තියෙනවා GPIO pins කියලා ඉතින් මේ pins පාවිච්චි...